November 10, 2025
දැන්වීමයි. (ඇමුණුම අංක 02)
අංක 04 අධිකරණයේ කැඳවනු ලබන
බේරුම්කරණ නඩුකර පිළිබඳව පහත පරිදි ක්‍රියාමාර්ග 2025.11.11 දින සිට බල පවත්වනු
ලබයි.
01. ප්‍රථම වරට වගඋත්තරකරුවන් වෙතට දැන්වීම්/ නොතීසි
භාරදුන් නඩුකර පමණක් විවෘත අධිකරණයේ කැඳවනු ලබයි.
02. එසේ වගඋත්තරකරුවන් වෙත දැන්වීම්/නොතීසි භාර
නොදුන් නඩුකර විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන අතර විනිසුරුතුමා විසින් නිල
මැදිරියේදී ඉදිරි පියවර හා දිනය නඩු පොතෙහි සටහන් කරනු ලබයි.
03. එසේ නියම කරනු ලැබූ ඉදිරි පියවර හා මීලඟ දිනය එදිනම
ප.ව. 3.00 පෙර ඊට ප්‍රථමයෙන් කාර්යාලයේ ප්‍රධාන දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරනු
ලබයි.
04. කාර්ය පත්‍රිකාවේ වගඋත්තරකරුවන්ට නොතීසි බාර
නොදුන් බවට වාර්තා කර ඇත්නම් හා කැඳවීම අතරතුර වගඋත්තරකරු විවෘත අධිකරණයේ පෙනී
සිටින නඩුකර විවෘත අධිකරණයේදීම විනිසුරුතුමාගේ අවධානයට ලක් කළ හැක.
05. විරෝධතා හෝ ලිඛිත දේශණ කාර්යාලයට ගොනු කළ යුතු අතර, විනිසුරුතුමා ඒ සඳහා දිනයන්
නියම කරනු ලබයි.
06. ලේඛන ගොනු කිරීමට විවෘත අධිකරණයේදී නඩුකර
නොකැඳවනු ලබයි.
07. තීන්දු ප්‍රකාශයට පත් කිරීම විවෘත අධිකරණයේදී
සිදු කරනු ලබයි.
08. විනිසුරුතුමාගේ නියමය මත අවශ්‍ය විටකදී පාර්ශවකරුවන්ට
දැන්වීම් සහිතව විවෘත අධිකරණයේ නඩුකර කැඳවීම නියම කළ හැක.
අධිකරණයේ අණ
පරිදි,
ප්‍රධාන රෙජිස්ට්‍රාර්
.
2025.11.07 වෙනි දින,
කොළඹ 12, වාණිජ මහාධිකරණයේදී ය.